Tuesday, October 28, 2014

ගුණෝත්තර ශ්‍රේඪි

ගුණෝත්තර ශ්‍රේඪියක් යනු

සංඛ්‍යා අනුක්‍ර‍යක ඔිනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදු විට නියත අගයක් ලැබේන සංඛ්‍යා අනුක්‍ර‍යකටය. 
උදාහරණ - 4, 8, 16, ....
                 1/2, 1/6, 1/18, .....


මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියක් 
 a, ar, ar2, ar3, ar4, ........ ලෙස ලියා දැක්විය හැකිය.

ගුණෝත්තර ශ්‍රේඪියක n වන පදය (Tn)

මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියක් සලකමු
T1 = a   = ar1-1
T2 = ar  = ar2-1
T3 = ar2 = ar3-1
T4 = ar3 = ar4-1
........................
.......................
.......................
Tn-1 = ar(n-1)-1
Tn = arn-1
මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියේ n වන පදය Tn = arn-1 වේ.


ගුණෝත්තර මධ්‍යන්‍යය

a හා b යනු ඕනෑම ධන සංඛ්‍යා 2ක් විට a හා b අතර ගුණෝත්තර මධ්‍යන්‍යය √ab වේ.
එනම් a හා b ඕනෑම ධන සංඛ්‍යා 2ක් ද c යනු a හා b අතර ගුණෝත්තර මධ්‍යන්‍යයද නම්, a,b හා c ගුණෝත්තර ශ්‍රේඪියක අනුයාත පද 3කි. ... a,c,b,....


ගුණෝත්තර ශ්‍රේඪියක පළමු පද n වල ඓක්‍යය (Sn)

මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියක පළමු පද n වල ඓක්‍යය Sn නම්


Sn = a+ ar+ar2+ar3+.....+arn-1-------(1)
(1) x r,
r.Sn = ar+ar2+ar3+ar4.....+ arn-1+arn-------(2)
(2)-(1)
r.Sn- Sn = arn - a
Sn (r-1) = a(rn-1)
Sn = a(rn-1)         (r-1)



මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියේ පළමු පද n හි ඓක්‍යය
Sn = a(rn-1) වේ. 
 (r-1) 

No comments:

Post a Comment