Wednesday, October 1, 2014

සංඛ්‍යා


සංඛ්‍යා


                               
* තාත්වික සංඛ්‍යා (Real number)  
    සංඛ්‍යා රේඛාවක් මත නිරූපනය කළ හැකි සංඛ්‍යා තාත්වික සංඛ්‍යා ලෙස හැදින්වේ. තාත්වික සංඛ්‍යා කුලකය සංකේතයෙන් දක්වයි.

*පරිමේය සංඛ්‍යා (Rational number) 
    p හා q නිඛිල දෙකක් නම් ද, q 0 ද වන විට p/q ආකාරයට නිරූපණය කළ හැකි සංඛ්‍යා පරිමේය සංඛ්‍යා ලෙස හැදින්වේ. පරිමේය සංඛ්‍යා  කුලකය සංකේතයෙන් දක්වයි.
උදාහරණ - 3
, 28, -9, 0, 3/7, 0.48,8.43333, 25,…..,
*අපරිමේය සංඛ්‍යා (Irrational number)
තාත්වික සංඛ්‍යාවක් නිඛිල දෙකක බෙදීමක් විදිහට දැක්විය නොහැකි නම් හා සමාවර්ත දශම සංඛ්‍යාවක් නොවේ නම් එය අපරිමේය සංඛ්‍යාවකි. අපරිමේය සංඛ්‍යා  කුලකය සංකේතයෙන් දක්වයි.
උදාහරණ - √2, e

*නිඛිල සංඛ්‍යා (Integer number)
සියළු ධන පූර්ණ සංඛ්‍යා, සියළු සෘණ පූර්ණ සංඛ්‍යා සහ ශුන්‍යය (0) සමග ගත්විට නිඛිල කුලකයයි. එය මගින් දැක්වේ.
උදාහරණ - -9, -3, 0, 1, 8, 20

*සමාවර්ත දශම සංඛ්‍යා (Recurring decimal number)
සංඛ්‍යාවක දශමකයේ සංඛ්‍යා වල එකම සංඛ්‍යා පෙළක් පුන පුනා ලැබේ නම් ඒවා සමාවර්ත දශම වේ.
උදාහරණ - 0.3333333…., 0.285714258714…,

*අන්ත දශම  සංඛ්‍යා (Terminating decimal)
සංඛ්‍යාවක දශමකයේ සංඛ්‍යා ලියා නිම කළ හැකි නම් ඒවා අන්ත දශම වේ.
උදාහරණ - 0.25, 0.78, 0.125

අමතර දැනුමට

  • ගණින සංඛ්‍යා    - ගනන් කිරීමට උපයෝගී කර ගන්නා සංඛ්‍යා. මෙම සංඛ්‍යා කුලකයට ශුන්‍ය අයත් නොවේ. 1, 2, 3, 4, .........
  • ඉරට්ට සංඛ්‍යා     - 2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා වේ. 0, 2, 4, 8, ......
    n
    ඉරට්ට සංඛ්‍යාවක් වේ නම්  n mod 2=0, n%2=0
  • ඔත්තේ සංඛ්‍යා   - 2 න් බෙදු විට 1ක් ඉතිරිවන සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා වේ. 1, 3, 5, 7.....        
    n
    ඉරට්ට සංඛ්‍යාවක් වේ නම් n mod 2=1, n%2=1
  • ත්‍රිකෝණ සංඛ්‍යා - 1, 3, 6, 10, ...........
    n වන ත්‍රිකෝණ සංඛ්‍යාව = n(n+1)/2
  • සමචතුරස්‍ර‍ සංඛ්‍යා (වර්ග සංඛ්‍යා )1, 4, 9, 16, 25,………
    n වන සමචතුරස්‍ර‍ සංඛ්‍යාව = n2
  • ප්‍ර‍ථමක සංඛ්‍යා   - එකිනෙකට වෙනස් සාධක යුගලයක් පමණක් ඇති සංඛ්‍යා වේ. එහිදි එක් සාධකයක් 1 වන අතර අනෙක එම සංඛ්‍යාවයි.1 ප්‍ර‍ථමක සංඛ්‍යාවක් නොවේ. 2, 3, 5, 11,......



7 comments:

  1. සමාවර්ත දශම පරිමේය කරන්නෙ කොහොමද?

    ReplyDelete
  2. වැදගත් වුනා ගොඩක්

    ReplyDelete
  3. පූර්ණ සංඛ්යා යනු මොනවද

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ සංඛ්‍යාවක් කියන එකද 🥲

      Delete