සංඛ්‍යා

සංඛ්‍යා රේඛාවක් මත නිරූපනය කළ හැකි සංඛ්‍යා තාත්වික සංඛ්‍යා ලෙස හැදින්වේ.
තාත්වික සංඛ්‍යා කුලකය ℝ සංකේතයෙන් දක්වයි.

p හා q නිඛිල දෙකක් නම් ද, q ≠ 0 ද වන විට p/q ආකාරයට නිරූපණය කළ හැකි සංඛ්‍යා පරිමේය සංඛ්‍යා ලෙස හැදින්වේ. පරිමේය සංඛ්‍යා කුලකය ℚ සංකේතයෙන් දක්වයි.
උදාහරණ - 3, 28, -9, 0, 3/7, 0.48,8.43333, √25,…..,

තාත්වික සංඛ්‍යාවක් නිඛිල දෙකක බෙදීමක් විදිහට
දැක්විය නොහැකි නම් හා සමාවර්ත දශම සංඛ්‍යාවක් නොවේ නම් එය අපරිමේය සංඛ්‍යාවකි. අපරිමේය
සංඛ්‍යා කුලකය ℚ’ සංකේතයෙන් දක්වයි.
උදාහරණ - √2, e
උදාහරණ - √2, e

සියළු ධන පූර්ණ සංඛ්‍යා, සියළු සෘණ පූර්ණ සංඛ්‍යා සහ ශුන්‍යය (0) සමග
ගත්විට නිඛිල කුලකයයි. එය ℤ මගින් දැක්වේ.
උදාහරණ - -9, -3, 0, 1, 8, 20
උදාහරණ - -9, -3, 0, 1, 8, 20

සංඛ්‍යාවක දශමකයේ සංඛ්‍යා
වල එකම සංඛ්‍යා පෙළක් පුන පුනා ලැබේ නම් ඒවා සමාවර්ත දශම වේ.
උදාහරණ - 0.3333333…., 0.285714258714…,
උදාහරණ - 0.3333333…., 0.285714258714…,

සංඛ්‍යාවක දශමකයේ සංඛ්‍යා
ලියා නිම කළ හැකි නම් ඒවා අන්ත දශම වේ.
උදාහරණ - 0.25, 0.78, 0.125
උදාහරණ - 0.25, 0.78, 0.125
අමතර දැනුමට
- ගණින සංඛ්‍යා - ගනන් කිරීමට උපයෝගී කර ගන්නා සංඛ්‍යා. මෙම සංඛ්‍යා කුලකයට ශුන්‍ය අයත් නොවේ. 1, 2, 3, 4, .........
- ඉරට්ට සංඛ්‍යා - 2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා
වේ. 0, 2, 4, 8, ......
n ඉරට්ට සංඛ්‍යාවක් වේ නම් n mod 2=0, n%2=0 - ඔත්තේ සංඛ්‍යා - 2 න් බෙදු විට 1ක් ඉතිරිවන සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා
වේ. 1, 3, 5, 7.....
n ඉරට්ට සංඛ්‍යාවක් වේ නම් n mod 2=1, n%2=1 - ත්‍රිකෝණ සංඛ්‍යා - 1, 3, 6, 10, ...........
n වන ත්‍රිකෝණ සංඛ්‍යාව = n(n+1)/2 - සමචතුරස්‍ර සංඛ්‍යා
(වර්ග සංඛ්‍යා ) – 1, 4, 9, 16, 25,………
n වන සමචතුරස්‍ර සංඛ්‍යාව = n2 - ප්‍රථමක සංඛ්‍යා - එකිනෙකට වෙනස් සාධක යුගලයක් පමණක් ඇති සංඛ්‍යා වේ. එහිදි එක් සාධකයක් 1 වන අතර අනෙක එම සංඛ්‍යාවයි.1 ප්‍රථමක සංඛ්‍යාවක් නොවේ. 2, 3, 5, 11,......
great work nadeera.....
ReplyDeleteසමාවර්ත දශම පරිමේය කරන්නෙ කොහොමද?
ReplyDeleteවැදගත් වුනා ගොඩක්
ReplyDelete❤️
ReplyDeleteThank you
ReplyDeleteපූර්ණ සංඛ්‍යා යනු මොනවද
ReplyDeleteසම්පූර්ණ සංඛ්‍යාවක් කියන එකද 🥲
Delete